1st Superiors’ Hut – 2010, Knuckles View, Sri lanka From 19th to 20th December 2010
1st Superiors’ Hut organized by Old Kingswoodian Scouts’ Association (OKSA) was held at Knuckles View, Sri Lanka from 19th to
SUPERIORS’ HUT යනු 1970 වකවානුවේ වල සිට වර්තමානය දක්වා පාසලෙන් ඉවත් වූ ආදී කිංස්වුඩ් බාලදක්ෂයන් ගේ මතකයන්, අත්දැකීම්, සංස්කෘතින්, සම්ප්රදායයන් යලි ආවර්ජනය කරන, ජේෂ්ඨයන්ගෙන් කණිෂ්ඨයන් හට නායකත්ව පුහුණුවක් ලබා දෙන මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සමගද ඒවා බෙදා ගනිමින් සුහද පිලිසදරක යෙදෙන සුන්දර එකමුතුවක්..
කිංස්වුඩ් විද්‍යාලයේ දැනට ක්‍රියාත්මක ප්රබලතම ආදි සිසු එකමුතුවක් වන ආදී බාලදක්ෂ සංගමය (OLD KINGSWOODIAN SCOUTS’ ASSOCIATION – OKSA) විසින් මේ වැඩසටහන සංවිධානය කරන අතර මෙය වෙනස්ම ආරකට යොමු කරනු ලැබුවේ 2010 වසරේ සිටි OKSA ක්‍රියාකාරීන් විසිනි.
එවකට සභාපති ලෙස සිටි අසංක අතපත්තු සහ ජේෂ්ඨයෙකු වූ චමිල් බංඩාර අයියාත් අතර OKSA ඉදිරි වැඩ සැලැස්ම පිළිබඳ ඇති වූ දුරකථන සංවාදයකදී වාර්ෂික සුහද හමුව බාලදක්ෂයින් ගේ විදියට වෙනස්ම ආකරයකට පැවැත්වීම පිළිබඳ සාකච්ඡා විය. එයට සරිලන නමක් ලෙස “ප්රවීණයන්ගේ කූඩාරම” අරුත ඇතිව SUPERIORS’ HUT ලෙස අසංක යෝජනා කල නම SUPERIORS’ HUT OF RANDLES SCOUTS ලෙස බංඩාර අයියා තහවුරු කලා. එසේ සාකච්ඡා උන පළමුවැන්න වසර 2010 දෙසැම්බර් 19 සහ 20 දෙදින තුල සුන්දර නකල්ස් කදුවැටිය ආශ්‍රිතව ගෝමරේ වතුයායෙදී කාණ්ඩ කදවුරක් ලෙස පැවැත් වුනා.
හැමදාමත් වෙනස්ම දෙයක් ඉදිරිපත් කිරීමට උත්සාහ දරන ප්‍රබල කිංස්වුඩ් බාලදක්ෂයන්, ආදී බාලදක්ෂයන් වූ පසුවත් මෙවන් වෙනස්ම වූ වැඩසටහන් සංවිධානය කිරීම අරුමයක් නොවන බව දැන් පැහැදිලි ඇති.
දැනුවත් වාර්තා අනුව කිංස්වුඩ් බාලදක්ෂයන් සංවිධානය කල බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රථම අනුස්මරණ ගවේෂණ තරගාවලිය (JJP Dehigama), ප්‍රථම දියමත කදවුර (Cool Wavy 2002), ප්‍රථම ගවේෂණ සැණකෙළිය Centennial ROKS මෙන්ම ආදී බාලදක්ෂයින්ගේ ප්‍රථම කාණ්ඩ කදවුර වන SUPERIORS’ HUT ද වෙනස් වන ලෝකයේ නවතම අංගයන් එකතු වෙමින් පැරණි සම්ප්රදායයන් ද රැක ගනිමින් දීර්ඝ ඉතිහාසයක් ලියනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
තම ස්ථානය මේ සදහා ලබා දෙමින් සහය වූ කිංස්වුඩ් ආදී බාලදක්ෂයින් වන අමිල ගන්නෝරුව (අවස්ථා 4ක), දම්මිත්ර සමරසිංහ, දිල්ෂාන් කුරේ සහ ආදි ශිෂ්‍ය නදුන් මදුෂාන් මහත්වරුන් ටත් නිළ ලාංජනය සකසමින් සහය වූ නිරෝෂන් බංඩාර මහතාටත්, කිංස්වුඩ් බාලදක්ෂයින් ගේ දැවැන්ත ශක්තිය වන අපේ සියලුම ආදී බාලදක්ෂයින්ටත් අප ස්තූතිය පුද කරනවා.
1st Superiors’ Hut organized by Old Kingswoodian Scouts’ Association (OKSA) was held at Knuckles View, Sri Lanka from 19th to